ඉතාලියේ සැණකෙළි ඇරඹෙයි
සයුරෙන් එතෙර

ඉතාලියේ සැණකෙළි ඇරඹෙයි

February 18, 2019   01:25 pm

ඉතාලියේ වාර්ෂික වැනිස් සැණකෙළිය පසුගිය සෙනසුරාදා ආරම්භ විය. මෙවර එහි තේමාව වන්නේ බ්ලේම් ද මූන් යන්නයි.

වැනිස් සැණකෙළියේ ආරම්භය සනිටුහන් කරමින් අලංකාර සංදර්ශනයක් පවත්වා තිබේ.

එය පැවැත්වුණේ වැනීසියේ ප්‍රසිද්ධ ඇලක් වන රියෝ ඩි කැනරේජෝ කේන්ද්‍ර කරගනිමින්.

එම සංදර්ශනය සඳහා පාවෙන සඳ තේමා කරගෙන තිබූ අතර මිනිසා සඳ තරණය කොට මේ වර්ෂයට වසර 50ක් සම්පූර්ණ වීම හේතුවෙන් එම තේමාව යොදාගෙන තිබුණි.

ලොව වඩාත් අලංකාරම සැණකෙළිවලින් එකක්ද වන වැනිස් සැණකෙළියේ ආරම්භය 11වන සියවස තරම් ඈතට දිවයයි.

වැනිස් සැණකෙළිය නැරඹීමට වාර්ෂිකව බොහෝ සංචාරකයන් පිරිසක් ඉතාලියට පැමිණෙන බවද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

මෙවර සැණකෙළිය ලබන මාර්තු 5වන දිනෙන් අවසන් වීමට නියමිතයි.