ගිනි අවි 04ක් සමඟ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවි 04ක් සමඟ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

February 18, 2019   09:34 am

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි 04ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අගලවත්ත,පිඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර කොට්ඨාස, නිතිය බල ගැන්වීමේ ඒකකයේ නිළධාරීන් සිදු කළ වැටලීමකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

 ඔවුන් සතුව තිබී විදේශිය නිෂ්පාදිත පිස්තොලයක් ,බෝර 12 ගිනි අවි 2ක් සහ  ඩබල් බැරල් ගිනි අවියක් සොයා ගත් බව සඳහන් වේ.

 සැකකරුවන් 22 සහ 32 හැවිරිදි,අගලවත්ත පිඹූර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (18) මතුගම  මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.