මඟ වැරදුන බස් රථය ට්‍රාන්ස්ෆෝමරයක ගැටෙයි-4ක් මරුට

මඟ වැරදුන බස් රථය ට්‍රාන්ස්ෆෝමරයක ගැටෙයි-4ක් මරුට

February 18, 2019   06:24 am

හලාවත, පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ දී සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්පෝමරයක ගැටීමේන අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාරවිල සහ හලාවත යන රෝහල් වලට ඇතුළත් කර තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.