බලය බෙදීමේ අවශ්‍යතාවක් උතුරේ ජනතාවට නෑ

බලය බෙදීමේ අවශ්‍යතාවක් උතුරේ ජනතාවට නෑ

February 17, 2019   01:18 pm

උතුරේ දේශපාලන නායකයින්ට බලය බෙදීමක් අවශ්‍ය වුව ද එහි ජනතාවගේ සැබෑ අවශ්‍යතාව එය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යටිතල පහසුකම් සංවර්ධනය කර යහපත් දිවි පෙවතක් ගත කිරීමට අවස්ථාව උදාකර ගැනීම එම ජනතාවගේ අපේක්ෂාව වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

 පසුගිය දිනවල යාපනයේ සිදුකළ සංචාරයේ දී සමාජ සාධාරණත්වය සදහා තරුණ ව්‍යාපාරය හෙවත් ආවා කල්ලියේ කැදවුම්කරු අරුන් සිද්ධාර්ත් හමුවූ අවස්ථාවේ එම තත්ත්වය පැහැදිලි වූ බවද අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ  බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් .