රටේ මූල්‍ය විනය පිරිහීමට පළමුව වගකිව යුත්තේ අගමැති

රටේ මූල්‍ය විනය පිරිහීමට පළමුව වගකිව යුත්තේ අගමැති

February 17, 2019   01:07 pm

රටේ මූල්‍ය විනය පිරිහීමට අග්‍රාමාත්‍යවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.  

දකුණු ආසියාවේ රටවල් 7හි වර්ධන වේගය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසූවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 3.3ක තරම් වූ පහළ අගයක් බවයි.

ඒ මහතා පැවසූවේ එම අගයද 3.1ට හෝ 2.9ට පමණ නියත වශයෙන් අඩු වීමට ඉඩකඩ ඇති බව පවසන බවයි.

මූල්‍ය විනයක් නැති සමාජයක් මේ රටේ නිර්මාණය කිරීම, වර්ධන වේගය පහළ අගයක් ගැනීමට හේතුව බවත් එයට පළමුවෙන්ම වගකිව යුත්තේ මේ රටේ අගමැතිවරයා බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූවේ අගමැතිවරයා යටතේ මහබැංකුව පැවැතීම නිසා එලෙසින් වගකිව යුතු වන බවයි. 

ආණ්ඩුව බලයට පැමිණ මාසයක් ගත වන විට මූල්‍ය විනය කියන දේ බින්දුවටම දැමූ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.