වට්ටක්කා තොග අලෙවිය ඇරඹෙයි

වට්ටක්කා තොග අලෙවිය ඇරඹෙයි

February 11, 2019   04:13 pm

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පසුගිය දිනයන්හි ගොවීන්ගෙන් මිලදී ගෙන අනුරාධපුර ශ්‍රාවස්තිපුර ආහාර ගබඩාවේ ගබඩා කර තිබූ වට්ටක්කා තොග වශයෙන් අලෙවි කිරීම නැවතත් ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම අංශයේ උපදෙස් මත මෙම වැඩපිලිවෙල ආරම්භ කර තිබේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසුවේ ඊයේ(10) වනවිට වට්ටක්කා කිලෝ 40,000කට ආසන්න තොගයක් අලෙවි කර ඇති බවයි.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන වෙත වට්ටක්කා අලෙවි කලද කවර මිලක් යටතේ ඔවුන් මෙම වට්ටක්කා තොග අලෙවි කරන්නේද යන්න ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නොදන්නා බවයි වාර්තා වෙයි.

පසුගිය මස 20වන දිනෙන් පසු නොච්චියාගම ඉලච්චිය ප්‍රදේශවල ගොවීන්ගෙන් වට්ටක්කා  කිලෝ 1ක් රුපියල් 30බැගින් මිලදී ගෙන ඇති අතර එම වට්ටක්කා අතරින් කිලෝ එක්ලක්ෂ විසිදහසක් ශ්‍රාවස්තිපුර ආහාර ගබඩාවේ ගබඩා කර තිබුණි.

ඒ අතරින් වට්ටක්කා  කිලෝ 20,000කට අධික ප්‍රමාණයක් මේ වන විට නරක් වී ඇති බවද වාර්තා වෙයි.