ලෝක බැංකුවෙන් තවත් ණයක්

ලෝක බැංකුවෙන් තවත් ණයක්

January 23, 2019   04:18 pm

ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය.

යෝජිත ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ වන්නේ "රට තුළ තෝරාගත් ප්‍රාදේශයන්හි අධි අවදානම් සහිත ජනගහණ කාණ්ඩවල බෝ නොවන රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාවිතය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම" ය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංවිධානය හා ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතින් අරමුණවේ. අරමුණ සපුරා ඇත. 

විශේෂයෙන්, මෙම ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති හා ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සහ විවිධාකාර උපකාරක පද්ධතීන් ශක්තිමත් කිරීම සිදුවේ. 

මෙම ව්‍යාපෘතිය වඩාත් සංකීර්ණ, සම්බන්ධිකාරක හා මහජන කේන්ද්‍රගත සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා පදනම් වනු ඇත.

ව්‍යාපෘතියේ මූලික ප්‍රතිලාභීන් වනුයේ තෝරාගත් ප්‍රජාවන්හි පොදු ප්‍රාථමික සෞඛ්‍යය මධ්‍යස්ථාන භාවිතා කරන්නන් වන අතර, මෙම ජනතාව ජනගහනයේ අඩු ආදායම්ලාභී කොටස් වේ.  

ව්‍යාපෘතිය මගින් ආධාර සපයන ප්‍රජාවන් තුළ බරපතල හෝ විනාශකාරී නොවන බෝ නොවන රෝග ඇතිවීම හෝ වැඩි දියුණු වීමේ අවදානමක් ඇති අය මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වනු ඇත. 

ව්‍යාපෘතියේ යෙදවීම් මධ්‍යම හා පළාත් මට්ටමින් සෞඛ්‍ය අංශයේ සේවකයින්ට ද ප්‍රයෝජනවත් වනු ඇත. 

ඔවුන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම හා සම්පත් දායකත්වය සැපයීම සඳහා උපාය මාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවේ.

මෙම ව්‍යාපෘතිය පහත සඳහන් සංරචක වලින් සමන්විත වේ:

1.ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංවිධානය හා ශක්තිමත් කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම
2.ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහ නවෝත්පාදක ප්‍රදාන
3.අනිවාර්ය හදිසි ප්‍රතිචාර සංඝටකය

මේ සඳහා ව්‍යාපෘති කළමනාකරණ කමිටුවක් පිහිටුවා ඇති අතර, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ ලේකම්වරු එහි සම සභාපතිත්වයට පත් කෙරේ. 

අතිරේක සාමාජිකයින් ලෙස මුදල් කොමිෂන් සභාවේ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්වරු 9 ක් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාශයේ සහ පළාත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් පත්කරු ලබන ඇත.

ඉහත ව්‍යාපෘතියේ මුල්‍ය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ Ms. Idah Pswarayi – Riddihough, යන මහත්ම මහත්මීන් විසින් 2019 ජනවාරි මස 23 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදී.