ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් දියත් කළ යුතුයි

ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් දියත් කළ යුතුයි

January 11, 2019   07:58 pm

2019 වන විට වසර 46ක් තුළ පාරම්පරික ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවන රටාවේ විශාල පරිවර්තනයක් සිදුව ඇති නිසා අනාගතය ද පුරෝකථනය කොට ආහාර ප්‍රවර්ධනය උදෙසා නව අරමුණු, කාර්යයන් හා කර්තව්‍යයන් හඳුනා ගත යුතුව ඇති බව අමාත්‍ය පී. හැරිසන් මහතා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී හමුවේදී අවධාරණය කර තිබේ.

මෙම කාර්යයන් ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට තනිව සිදු කළ නොහැකි බවත් පැවසීය.

රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සම්බන්ධ කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම පිණිස සෞඛ්‍ය සම්පන්න ජනතාවක් උදෙසා ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් දියත් කළ යුතු බවත් ඔහු පැවසීය.

මෙහිදී වඩාත් ගැලපෙන ආහාර නිෂ්පාදන හා අලෙවිය උදෙසා අවශ්‍ය ප්‍රමිතිය හඳුන්වා දෙමින් ඒවා නියාමනය කිරීමේ වගකීමද මෙම ආයතනයේ අරමුණු අතරට ඇතුලත් කර ගැනීමට කටයුතු කළ යුතු බව අමත්‍යවරයා වැඩිදුරටත් කීය.