ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක්

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක්

January 11, 2019   07:21 pm

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බවයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පොදුජන පෙරමුණ තීරණාත්මක බලවේගය වියයුතු බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“මීළග ජනාධිපති අපේක්ෂකයා පිලිබද නිරන්තරයෙන් ප‍්‍රශ්න නැගෙනවා. පළාත් පාලන මැතිවරණයේදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ සියයට 14 ජනවරම නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදුජන පෙරමුනේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප‍්‍රකාශයක් කළා. 

කල්පනා කරලා බැලූවම විවිධ අදහස් තියෙන්න පුලූවන්. ශී‍්‍රලනීපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුලූවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුලූවන්.

පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ගන්න වෙලාවේ හිටපු කීදෙනෙක් දැන් ශී‍්‍රලනිපයත් එක්ක ඉන්නවාද කියලා හිතලා බල්ලනත්  ඕනේ. මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. 

මේ රටේ බහුතර ජනතාව නියෝජකය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට  2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුනා. 

ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකනු වෙන්න පුලූවන් කියන සැකය අපිට තියෙනවා. පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප‍්‍රධාන පක්ෂය විදියට කටයුතු කලේ. 

 ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු හඟවනවා.  එහෙම නොවුනොත් ඡුන්ද පෙටිටයේ ඡුන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡුන්දයක් තියෙයි. අපි මේ ගැන සාකච්ඡා කළ යුතුයි. පොලොවේ යථාර්තය එක්ක අපේක්ෂකයා තේරිය යුතුයි.“