දිවයින පුරා පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

දිවයින පුරා පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

January 11, 2019   03:46 pm

දිවයින පුරා  පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ලබන 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

“මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු” යන්න මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තේමාව වී තිබේ.

ජනාධිපති කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය.

මත්ද්‍රව්‍ය නිවාරන සතිය තුළ පාසල් දරුවන්, මව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.