සිංහයින්ගේ අවසන් සිහිනයත් බොඳ වෙයි

සිංහයින්ගේ අවසන් සිහිනයත් බොඳ වෙයි

January 11, 2019   03:05 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 35ක ජයක් හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 179  ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 03ක් සහ ලසිත් මාලිංග කඩුලු 02ක් බිඳ හෙළුවේය.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 05ක් තුළ සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 144 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යාමට හැකියාව ලැබුණේ නැත.