මුව මස් කිලෝ 05ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මුව මස් කිලෝ 05ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

January 11, 2019   02:49 pm

මුව මස් කිලෝග්‍රෑම් 05 ක් සමඟ පුද්ගලයෙකු හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ හම්බන්තොට, වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී මිරිජ්ජවිල ප්‍රදේශයේ හෝටලයක තිබී මුව මස් තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.  

සැකකරු හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු වන බව නාවික හමුදාව පැවසීය.

මුව මස් තොගය සහ හෝටලයේ හිමිකරු නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට, වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.