ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වෙයි

December 18, 2018   07:01 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මේ වන විට පැවැත් වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මිට ටික වේලාවකට පෙර ආරම්භ වී තිබේ.

ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද(18) දිනයේදී මෙම මධ්‍යම කාරක සභාව කැඳවා ඇති බව වාර්තා වන්නේය.

අර්බුදකාරී දේශපාලන වාතාවරණය සමතයකට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන පළමු අවස්ථාව මෙය වේ.