මුම්බායි ඉන්දියන්ස් මාලිංග මිලට ගනී

මුම්බායි ඉන්දියන්ස් මාලිංග මිලට ගනී

December 18, 2018   05:22 pm

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 2කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගෙන තිබේ.

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය දැන් මේ වන විට ජායිපූර්හිදී පැවැත්වෙමින් තිබේ. 

මේ අතර පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී මාලිංග අලෙවි නොවූ අතර ඔහු සැලකෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි. 

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 1003ක් අතිරින් තෝරා ගත් අවසන් ක්‍රීඩකයන් සංඛ්‍යාව 346ක්.

එම තෝරා ගත් පිරිසට ඉන්දීය ක්‍රීඩකයන් 226 දෙනෙකු ඇතුළත් වන අතර ඉහළම වටිනාකම ලෙස මූලික අදියරේ මිල ගණන් ප‍්‍රකාශ කිරීමේදී ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට ලංසු තබා ඇත්තේ ක‍්‍රීඩකයින් 09 දෙනෙකුට පමණයි.

ඒ අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාංලිග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වි තිබේ.

බෙන්ඩම් මැකලම්, ක්‍රිස් වෝක්ස්, ෂෝන් මාස්, කොලින් ඉංග්‍රම්, කොරේ ඇන්ඩර්සන්, සෑම් කරන් සහ ඩාසි ෂෝට් කෝටි දෙකක  මුදලකට ලංසු තබා ඇති අනෙකුත් ක්‍රීඩකයන් වෙයි.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 18 වැනිදා සිදු කිරීමට නියමිතයි.