පෑලියගොඩින් මිනිස් හිසක් හමුවෙයි

පෑලියගොඩින් මිනිස් හිසක් හමුවෙයි

December 13, 2018   08:07 am

පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියක තිබී මිනිස් හිසක් හමුවී තිබේ.

මේ පිළිබඳව පොලීසියේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත පෑලියගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ(12) අළුයම මේ පිළිබඳ අනාවරණය වී තිබේ.

මිනිස් හිස සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලීසිය පවසයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ හිස තැන්පත් කර තිබේ.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.