ලකඹර සුරකිර ගුවන් නියමුවන්ගේ තවත් මෙහෙයුමක්

ලකඹර සුරකිර ගුවන් නියමුවන්ගේ තවත් මෙහෙයුමක්

December 13, 2018   08:02 am

ශ්‍රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක්‍රීයාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ නායකත්වය යටතේ සක්‍රීය අනුග්‍රහය සපයා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගුවනින් බීජ ඉසිමේ ව්‍යාපෘතියට ගුවන් හමුදාවේ දායකත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සුවිශේෂි කාර්යට දායකත්වය සැපයිම තුළින් සිය ස්වකීය අභිමානය වන ගුවන් බලය මඟින් තම ප්‍රධාන අරමුණ වන ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට අමතරව තම රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් දායාද කිරිම උදෙසා ඉමහත් සතුටින් මෙම ව්‍යාපෘතිය සඳහා කැපවී සිටියි.

මෙම ව්‍යාපෘතිය ක්‍රීයාවට නැන්විම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරිම මෙමඟින් අපේක්ෂා කරන මුලික අරමුණයි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රීයාවට නැංවු මෙම ව්‍යාපෘතිය රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදු කර තිබේ.

මෙම ප්‍රදේශය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආසන්න වශයෙන් ගුවන් සැතපුම් 13 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙම මෙහෙයුමට කරඳ, මී සහ කුඹුක් යන ශාක වර්ගයන්ට අයත් බිජ යොදා ගන්නා ලදි. මෙම බිජ විවිධ සංයුතීයෙන් යුත් රෝපණ මාධ්‍ය 16 ක අන්තර්ගත කොට ආසන්න වශයෙන් බීජ 5000 ක් පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළවට ඉසීම සිදුකරනු ලැබීය. 

අංක 06 වන හෙලිකොප්ටර් බලඝණයට අයත් බිජ රැගත් හෙලිකොප්ටර් යානාව එහි අණදෙන නිලධාරි  ප්‍රනාන්දු මහතා සහ සහයක නියමු වශයෙන් ස්කොඩ්‍රින් ලීඩර් එමිඩබිඑන් ද සිල්වා  සමඟින් මෙම ව්‍යාපෘතිය සඳහා ඊයේ(12) උදෑසන 0900 ට පමණ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත කර තිබේ.