පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය රනිල්ට

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය රනිල්ට

December 12, 2018   03:05 pm

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද පැවති විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 117 ක් ලැබුණු අතර විපක්ෂව කිසිඳු ඡන්දයක් නොලැබුණු බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 103 දෙනා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනා යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියායේය.

මේ අතර පාර්ලිමේන්තුව 18 වන අඟහරුවාදා පස්වරු 01.00 දක්වා කල් තැබීමට ද කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගෙන තිබේ.