වෙඩි තැබීමකින් 4ක් මරුට-12කට තුවාල
සයුරෙන් එතෙර

වෙඩි තැබීමකින් 4ක් මරුට-12කට තුවාල

December 12, 2018   10:21 am

ප්‍රංශයේ ස්ට්‍රැස්බර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු පමණ මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

ප්‍රංශයේ නැගෙනහිර ස්ට්‍රැස්බර්ග් නගරයේ නත්තල් වෙළඳපලක් ආසන්නයේ කාර්යබහුල වීථියක වෙඩිතැබීමක් සිදුව තිබේ.

සාප්පු සවාරියේ නිරත පුද්ගලයින්ගෙන් වීථිය පිරීගොස් තිබූ අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු පමණ මියගොස් ඇති අතර තුවාල ලැබූවන් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව සඳහන්ය.

රෝහල් වාර්තා සඳහන් කළේ ඒ අතරින් සිව් දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි.

පොලිස් නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් තුවක්කුකරුවාද තුවාල ලබා තිබේ.

ඔහු එරට බුද්ධි අංශය විසින් නිකුත් කර ඇති අන්තවාදී සැකකරුවන්ගේ ලයිස්තුවේ සිටින්නෙකු බවටත් ආරක්ෂක බලධාරීන් හඳුනාගෙන ඇතැයිද සඳහන්ය. 

සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

එමෙන්ම වෙඩිතැබීමෙන් පසුව අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද විදෙස් වාර්තා වැඩදුරටත් සඳහන් කළේය.