මෙන්ග් වැන්ෂොව් ඇප මත මුදා හරියි
සයුරෙන් එතෙර

මෙන්ග් වැන්ෂොව් ඇප මත මුදා හරියි

December 12, 2018   10:07 am

අත්අඩංගුවට ගත් චීන ජංගම දුරකතන සමාගමක විධායක නිළධාරිනිය වන මෙන්ග් වැන්ෂොව් ඇප මත මුදාහැර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ නැනේඩියානු අධිකරණයක් මඟින් ඇය අමෙරිකානු ඩොලර් 10ක මුදල් ඇපයක් මත මුදාහැර ඇති බවයි.

පසුගිය දෙසැම්බර් 01 වනදා කැනඩාවේ වැන්කවර් හිදී මෙන්ග් වැන්ෂොව් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉරානයේ සම්බාධක උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පැවසිය.

කෙසේවෙතත් මෙන්ග් වැන්ෂොව් තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.