පාර්ලිමේන්තුවේ ඇති වු ගැටුම ගැන හොයන කමිටුව අද රැස් වෙයි

පාර්ලිමේන්තුවේ ඇති වු ගැටුම ගැන හොයන කමිටුව අද රැස් වෙයි

December 12, 2018   07:14 am

පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ ගැටුම්කාරී වාතාවරණය පිළිබද සොයා බැලීම සඳහා  කතානායක කරූ ජයසූරිය මහතා විසින් පත් කළ කමිටුව පළමු වරට අද (12) රැස්වීමට නියමිතව තිබේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා එහි සභාපතීත්වය දරණ අතර චමල් රාජපක්ෂ, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවේයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයින් වේ.

පසුගිය නොවැම්බර් 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තු සභාඝර්භය තුල මෙම නොසන්සුන්කාරි වාතාරණය හට ගත්තේය.

 පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ කමිටුව රැස්වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.