තේ දළු තොගයකට භුමිතෙල් ප්‍රහාරයක්

තේ දළු තොගයකට භුමිතෙල් ප්‍රහාරයක්

December 6, 2018   10:36 pm

හැටන් ෂැනන් තේ වත්තේ සිට එම වත්තේ තේ කර්මාන්ත ශාලාව වෙත ට්‍රැක්ටර් රථයකින් අද(06) පස්වරු 4.30 ට පමණ   ප්‍රවහනය කරමින් තිබු අමු තේ දළුවලට කිසියම් පිරිසක් විසින් භුමිතෙල් ඉස එම අමු තේ දළු විනාශ කර ඇති බවට හැටන් පොලීසියට පැමිණිල්ලක් ලැබි ඇති බව හැටන් පොලීසිය පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට ලංකා කම්කරු කොන්ග්‍රසය මඟින් දින තුනක් තිසසේ ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය නොදැක් වු වතුකරයේ වෙනත් වෘත්තිය සමිති වල වතු කම්කරු කාන්තාවන් අද දින එම වතු යායේ සේවයට වාර්තා කර නෙලා තිබු තේ දළුයි මෙසේ තේ කර්මාන්ත ශාලාවට ප්‍රවහනය කර ඇති බවට වාරතා වෙයි.

අමු තේ දළු කිලෝ 1440 ක් මෙසේ ප්‍රවහනය කළ බවත්,  දස දෙනෙකුගෙන් යුතු පිරිසක් ප්‍රධාන මාර්ගයේ රැක සිටිමින් ට්‍රැක්ටර්  රථය හරස් කර අමු තේ දළු වලට භුමිතෙල් ඉසු බව ට්‍රැක්ටර් රථයේ රියදුරා හැටන් පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එම තේ දළු වල වටිනාකම රු එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් බව වතු පාලන අධිකාරි මඟින් පොලීසියට දැනුම් දි ඇති බවත්, එම භුමිතෙල් ඉසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බව හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

වතු වැඩ වර්ජනයට සහයෝගය නොදැක් වු වතු කිහිපයකම වතු කම්කරුවන්ට අද දිනය තුළ ලංකා කම්කරු කොන්ග්‍රසය ආධාරකරුවන් විසින් බලපැම් එල්ල කර ඇත.