මහමැතිවරණයක් පැවැත්විය යුතුයි

මහමැතිවරණයක් පැවැත්විය යුතුයි

December 6, 2018   10:00 pm

මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ රැසකදී අදත් උද්ඝෝෂණ සහ මහජන පෙත්සම් සඳහා අත්සන් ලබා ගැනීම සිදුකෙරුණි.

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා පැවසුවේ මහජන මතයට ඉඩදී මහමැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

මේ අතර මහ මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින අනුරාධපුර දෙකේ කණුව ප්‍රෙද්ශයේදී  සහ අම්පාර නගරයේදී උද්ඝෝෂණ පැවැත්වුණි.

මේ අතර මහ මැතිවරණයක් පවත්වන ලෙසට බල කෙරෙන පෙත්සම් සඳහා අස්සන් ලබාගැනීමේ වැඩසටහන් දෙකක් මිහින්තලේදී  සහ පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම්පොළේදී පැවැත්වුණි.

මේ අතර සමාජ ජාලා ඔස්සේ කෙරුණු ඉල්ලීමක් අනුව තරුණ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සංවිධානකළ විවෘත විවාදයක් ඊයේ පස්වරුවේ විහාරමහාදේවි එළිමහන් රංග පිඨයේදී පැවැත්වුණි.

කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ලංකාරක්ෂක සංඝ සභාව සංවිධාන කළ "මාතෘභූමි සුරක්ෂා" නමැති අධිෂ්ඨාන පූජාව අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයි.