19ය සංශෝධනයට පියවර ගන්නා බව එජනිස කියයි

19ය සංශෝධනයට පියවර ගන්නා බව එජනිස කියයි

December 6, 2018   09:31 pm

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී තමන් ඊට සහයෝගය ලබාදුන්නද මේ වන විට එහි අහිතකර තත්ත්වයන් පෙනීයන බැවින් එය සංශෝධනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පවසයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් කිසිසේත් උද්ගතව නොමැති බවයි.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති මාධ්‍ය හමුව එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම රටේ පවතින අර්බුදකාරි වාතාවරණයට මූලිකවම වගකිය යුක්තේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය බව මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ පවතින ගැටළුකාරි වාතාවරණය පහව ගිය පසු ඊට මුල් වූ සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.