ජනතාවගේ එකම පරමාර්ථය මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කිරීමයි

ජනතාවගේ එකම පරමාර්ථය මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කිරීමයි

December 6, 2018   05:46 pm

පවතින අර්බුදකාරි තත්ත්වය විසඳා ගැනීමට මැතිවරණයක අවශ්‍යතාව පවතින බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

ඔහු පවසන්නේ ජනතාවගේ එකම පරමාර්ථය ද මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කිරීම බවයි. 

මැතිවරණයකට මුහුණදීමට ඇති බිය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම අධිකරණය හමුවට ගිය බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. 

හෙතෙම පවසන්නේ අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අධිකරණයක් මඟින් අත්හිටුවූ ලෝකයේ එකම අවස්ථාව පසුගියදා වාර්තා වීම කණගාටුදායක  සිද්ධියක් බවයි.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.