වැස්සත් සමඟ ගමට ආ අමුත්තා

වැස්සත් සමඟ ගමට ආ අමුත්තා

December 6, 2018   04:02 pm

පවතින වර්ෂාව සමඟ වවුනියාව නෙළුකුලම ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ඊයේ(05) ඇල්ලු බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසීය. 

වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ පවතින වැස්ස සමඟ ජල පහරක් ඔස්සේ පැමිණි කිඹුලා ගම්වදින්නට ඇති බවයි. 

අඩි අටක් පමණ දිගැති හැළ කිඹුලෙකු එලෙස ඇල්ලූ බවද වවුනියාව වනජිවි නිළධාරීන් පැවසීය. 

වනජිවි නිළධාරීන් සඳහන් කරනු ලැබුවේ අල්ලාගත් කිඹුලා ජල පෝෂක ප්‍රදේශයකට මුදාහළ බවයි.