ගුවන් යානා දෙකක් අනතුරට පත් වෙයි
සයුරෙන් එතෙර

ගුවන් යානා දෙකක් අනතුරට පත් වෙයි

December 6, 2018   03:20 pm

ඇමෙරිකානු මැරීන් බළකායට අයත් ගුවන් යානා දෙකක් ජපානය ආසන්නයේදී අනතුරට පත්ව තිබේ.

එම යානා දෙක සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ඇමෙරිකාවේ මැරීන් බලකායට අයත් කේ සී 130 වර්ගයට අයත් ගුවන් යානයක් සහ එෆ් ඒ 18 වර්ගයට අයත් ප්‍රහාරක යානාවක් කඩා වැටී තිබේ.

උඩුගුවනේ සිට නැවත ඉන්ධන පිරවීම සිදුකරන අතරතුර යානා දෙක අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

කෙසේ නමුත් එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

අනතුරට පත්වන අවස්ථාවේ යානා දෙකෙහි පුද්ගලයින් 7දෙනෙකු සිට ඇති බවටත් තොරතුරු වාර්තාවී තිබේ.

ඔවුන් අතරින් එක් අයෙකුගේ දිවි බේරා ගැනීමට ජපන් නාවික භටයින් සමත්ව ඇති අතර සෙසු පිරිස සහ ගුවන් යානා දෙක සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.