අගමැති ධුරය බාරගත් හේතුව මහින්ද කියයි

අගමැති ධුරය බාරගත් හේතුව මහින්ද කියයි

December 6, 2018   01:47 pm

රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇත්තේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය අත්හිටුවිමේ ප්‍රතිඵලයක් නිසා බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(06) පස්වරුවේ නීතීඥවරු සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ පරිහානිය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග නවතා දැමීමේ අරමුණින් තමා අග්‍රාමාත්‍ය ධුරය බාරගත් බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේය.

රට මෙවන් අස්ථාවරත්වයකට පත්වීමේ මූලිකම වගකීම කථානායකවරයා විසින් බාරගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් පැවසීය.

වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචානාධීකරණයේ ඉදිරියේ ඇති නඩු කටයුතු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හා නීතීඥවරුන් පිරිසක් අතර විජේරාම නිල නිවසේදී ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි.