ගැලවීම...

ගැලවීම...

December 5, 2018   05:24 pm


බොහෝ වෙළදසැල්වල වහලයන් කැඩී, පුවරු ගැලවීතිබූ අතර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා මණ්ඩපයටද හානි සිදුවී ඇත.

තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට ගොඩබැස්සවීම සඳහා විදෙස් සංචාරකයින් රැගත් මෙම හෙලිකොප්ටර් යානා දෙක අද දහවල් 12.30ට පමණ තංගල්ලට පැමිණ තිබිණි. 

එම හෙලිකොප්ටර් යානා තංගල්ල නගරයට ඉහළින් ඉතා පහතින් පියාසර කිරීම නිසා ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස නගරයේ වෙළෙඳසැල්වලට හානි සිදුව ඇත.

වෙළෙදසැල්වල වහලයන්හී ඇතැම් කොටස් ගැලවී තිබූ අතර නාමපුවරුද ගැලවී ගොස් බිම පතිත වී තිබිණි. 

තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන භූමියේ තිබූ තේක්ක ගසක කොටසක්ද කැඩී ගොස් තිබූ අතර ක්‍රීඩා මණ්ඩපයටද හානි සිදුව ඇත.

තවද මේ හේතුවෙන් නගරයේ විදුලියද විසන්ධි විය. 

හෙලිකොප්ටර් යානා ක්‍රීඩාංගනයට ගොඩබැස්සවූ ආවස්ථාවේදී ඉතා පැහැදිලි කාලගුණයක්ද දක්නට ලැබිණි. 

වෙළෙදසැල්වලින් ගැලවී ගිය පුවරු මාර්ගයට පතිත වී තිබූ අතර ඒවා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු සහ නගරවාසීන්ගේ මැදිහත්වීමෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

තංගල්ල නගරයට පැමිණෙන විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමට කොටුගොඩැල්ල ක්‍රීඩාංගනය පවතිද්දී නගරයට මධ්‍යයේ පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට මෙලෙස අපරික්ෂාකාරී අන්දමින් විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර ගොඩබැස්සවීම නිසා මෙලෙස හානි සිදුව ඇතැයි වෙළෙදසැල් හිමියෝ මැසිවිලි නගති.

ඡායාරූප - රාහුල් සමන්ත