නිලි රැජිනගෙන් නව දිල්ලිය හැඩ වෙයි
December 5, 2018 04:25 pm
ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රාගේ විවාහයේ තවත් සාදයක් නවදිල්ලි නුවරදී පැවැත් විය.
ඊට ආරාධිතයන් රැසක්ද එක්ව සිටි බව වාර්තා වේ.
මෑතකදී යුගදිවියට පිවිසි නිළි ප්‍රියංකා චොප්රා සහ ගායන ශිල්පී නික් ජොනාස්ගේ මංගල සාදය නව දිල්ලි නුවරදී පැවැත් විය.
එහිදී ප්‍රියංකා ඇත් දළ පැහැති සාම්ප්‍රදායික ලෙහෙන්ගා ඇදුමකින් සැරසී සිටි අතර වෙල්වට් සම්පූර්ණ ඇදුමකින් සැරසී සිටියේය.
ටාජ් පැලස් හෝටලයේ දී පැවැත්වුණු මේ ප්‍රිය සාදය සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සහභාගි වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
යුවළගේ පවුල්වල සාමාජිකයන් සියලුදෙනාම සාදයට පැමිණ සිටි අතර නික්ගේ පවුලේ සාමාජිකයන්ද ඉන්දීය සාම්ප්‍රදායික ඇදුමින් හැඩවී සිටියහ.
2000 වසරෙදී ලෝක රූ රැජින වෙමින් ක්ෂේත්රයට පිවිසි ප්‍රියංකා සහ ගායන හා රංගන ශිල්පියෙක් ලෙසින් ජනප්‍රියත්වයට පත් නික් ජොනාස් අතර ආදර කතාව පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උළෙල අතරතුරදී ආරම්භ වූ බව විදෙස් වාර්තා පවසයි.
36 හැවිරිදි ප්‍රියංකා බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් සිනමා පටවලද පෙනී සිට තිබේ.
කෙවින් සහ ජෝ යන සොයුරන් සමගින් එක්ව පිහිටුවාගත් ජොනාස් බ්‍රදර්ස් නම් සංගීත කණ්ඩායම සමගින් 2005 වසරේදී නික් ජොනාස් සංගීත ක්ෂේත්රයට පිවිසීය.
නික් මේ වසරේ අති සාර්ථක ලෙසින් තිරගතවූ ජුමාන්ජි සිනමාපටයේද චරිතයක් සදහා දායක වී තිබේ.