දෙමළ ජාතික සංධානය එජාපයට දුන් පොරොන්දු මොනවාද?

දෙමළ ජාතික සංධානය එජාපයට දුන් පොරොන්දු මොනවාද?

December 5, 2018   02:17 pm

අභියාචනාධිකරණය මගින් ලබා දුන් අතුරු තහනමින් කිසිදු විටකදි අග්‍රාමාත්‍ය ධූරය හෝ අමාත්‍ය ධුර පුරප්පාඩු නොවු බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වී තනතුර පුරප්පාඩු වී ඇති බවට එම ණඩු තීන්දුව අනුව කිසිදු විටකදි ප්‍රකාශයක් කර නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එම නිසා කිසිදු විටකදි ජනාධීපතිවරයාට නව අගමැති කෙනෙකු පත් කිරිමේ හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා එහිද පැවසීය.

ලෝක ඉතිහාසයේ කිසිම කලක කිසිම රටක අධිකරණයක් විසින් අගමැතිට සහ ඇමති මණ්ඩලයට තම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නොමැති බවත් එසේ සිදු කර ඇති නම් ඒ සම්බන්ධයෙන් තමන්ව දැනුම්වත් කරන බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහය පළ කලද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට කිසිම සහයක් ලබා නොදෙන බව දෙමළ ජාතික සංධානය මසකට පෙර පැවසු බවත් දැන් එය වෙනස් වි ඇති බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

නමුත් වේ වන විට දෙමළ ජාතික සංධානය රනිල් මහතා අගමැති කරන්න සහය දෙන බව පවසා ඇති බව මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

හදිසියේ දෙමළ සංධානය වෙනස් වුයේ කෙසෙද ?  දෙමළ සංධානය එකඟ කර ගන්න එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ට ලබා දුන් පොරොන්දු මොනවා යන්න බව හෙළි කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

දෙමළ ජාතික සංධානය මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවන බව දන්නා බවත් ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ සංධානය අතර ඇති වුණු ගිවිසුම ජනතාවට හෙලි කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදි වැඩි දුරටත් පැවසීය.