මේ කවුද?..හිතාගන්න පුළුවන්ද?
September 26, 2014
ඊයේ රාත්‍රී සූරියවැව, කුඩා ඉඳිවැවේ වතුර බීමට ගිය අලියෙකු මඩේ එරීම නිසා යළි ගොඩඒමට නොහැකිව සිටියදී අද (26) වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන ගැනීමට සමත් විය. මඩේ එරුණු අලියා ගොඩඒමට රාත්‍රිය මුළුල්ලේ උත්සාහ කිරීම නිසා ඌගේ ශක්තිය හීනවී ගොස් තිබිණ.
කෙසේ හෝ වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසින් එක්ව කඹයක් ආධාරයෙන් අලියා ගොඩගැනීමට උත්සාහ කළේය. ඊට ඔවුන් ගත් උත්සාහය සුළු පටු නොවේ. අලියාගේ මුළු ඇඟම මඩෙන් නැහැවී තිබෙන අයුරු දැකගත හැකිවිය. අලියා ගොඩට ගැනීමට ගිය පිරිස ද මඩ නෑවේය. මෙම ඡායා රූප පෙළ ගත් අප වාර්තාකරු රාහුල් සමන්තට ද එම ඉරණම අත්විය. කෙසේ හෝ මඩ නාමින් ඔවුන් කළ එම කැපකිරීම නොවන්නට අලියා මඩේම අවසන් සුසුම් හෙළන්නට ඉඩ තිබිණ.
“කළල ගිළුණු මත වරණිදු ගොඩගනුත තුමුල බලැති ගිජිඳෙකු මිස අන්කෙවෙත” යන කියමනද අභියෝගයට ලක් කරමින් ඔවුන් කළ එම මෙහෙයුමේ ඡායා රූ පෙළ ඉහත පරිදිය.
ඡායා රූ - රාහුල් සමන්ත