ලංකාවේදී නයිජීරියානුවන්  විරෝධයේ....!

ලංකාවේදී නයිජීරියානුවන් විරෝධයේ....!

May 9, 2014  

Bookmark and Share
නයිජිරීයාවේ බොකො හරාම් නැමැති සටන්කාමී සංවිධානය විසින් එරට පාසල් සිසුන් 200 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට විරෝධය පළකර ලෝක තරුණ සමුළුවට සහභාගි වී සිටින එරට තරුණ තරුණියන් පිරිසක් අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විරෝධතාවයක නිරත විය. ‍නයිජීරියානු තරුණ තරුණියන් තම රටේ සිසුන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යට අදහස් දැක්වීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවක එම අවසරය නොදීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු බලධාරීන් ඉඩනොදුන් බැවින් ඔවුන් මෙසේ සාමකාමී විරෝධතාවක නිරත වූ බව අප වාර්තාකරු පැවසීය. කෙසේ වුවද ඔවුන්ගේ දුක් ගැනවිල්ල මාධ්‍ය හමුවක් පවත්වා පවසන ලෙසට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු බලධාරීන් දැනුම් දී තිබේ.

ඡායා රූ - ඔසඳ දහම් නිම්සර