මාසයක්.. ! හා බලමුකො....

මාසයක්.. ! හා බලමුකො....

February 25, 2014  

Bookmark and Share
සහෝදරියන් තිදෙනෙකු විසින් දඹුල්ල, විහාර හන්දිය ආසන්නයේ දීර්ඝ කාලයක සිට පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් වහා ඉවත් කරන්නැයි ගම්වාසීන් අද (25) විරෝධතා දක්වද්දී එම ස්ථානයට පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මෙන්ම දඹුල්ල පොලීසිය ඒ සඳහා මාසයක් ඉල්ලා සිටියේය. පොලීසිය යතුරු පැදිවලින් හා ජීප් එකෙන් පැමිණ කසිප්පු තිප්පොළවලින් සල්ලි ගෙන යන බව එහිදී ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රී එච්.එම්. රූපසිංහ මහතා වගකීමෙන් යුතුව පැවසූ බව අප වාර්තාකරු කියයි.

විරෝධතාකරුවන් එහිදී කියා සිටියේ එසේ නම් අවුරුදු ගාණක් ඉවසා සිටි අප තවත් මාසයක් ඉවසන බව යැයි අප වාර්තාකරු කියයි. ඒ අනූව මාර්තු 25වැනිදාට මීට පිළිතුරක් නොලැබුණහොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුන් අවධාරණය කර තිබේ. මීට වසරකට ඉහතදීත් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් ජනතාව අදාළ කසිප්පු තිප්පොළට විරෝධය පළ කර ඇති බවත් යළිත් ඔවුන් එම ජාවාරම ආරම්භ කර ඇති බවත් අප වාර්තාකරු කීවේය.

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස