ගිනිගත් රියක පිළිස්සුණු සිරුරක්. . .

ගිනිගත් රියක පිළිස්සුණු සිරුරක්. . .

May 17, 2012  

Bookmark and Share
නාරාහේන්පිට උද්‍යාන මාර්ගයේ ගිනිගත් මෝටර් රථයක තිබී අද(17) අලුයම පිළිස්සුණු සිරුරක් සොයාගෙන තිබිණි. මෝටර් රථය අසල තිබූ තාප්පයක ගැටීමෙන් අනතුරුව ගිනි ගෙන ඇතැයි පොලිසිය සැක පළ කරන බව සඳහන්ය. එසේ අනතුරට ලක්ව තිබූ මෝටර් රථය ඉහත ඡායාරූපවලින් දැක්වේ. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඡායා - සුසිර ගෝකුල