කැමති පාසලක ඉගෙනීමට ඇති අයිතිය අහෝසි නොකරව්..!
May 16, 2012
ජාතික පාසල්වල අ.පො.ස උසස් පෙළ පංතිවල අධ්‍යයන කටයුතු සිදුකරන සිසු සිසුවියන්ට තවත් ජාතික පාසලකට අධ්‍යයන කටයුතු සඳහා මාරුවීමට අවස්ථාව ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.ඊට අදාළව පසුගියදා නිකුත් කරන ලද චක්‍ර ලේඛය අහෝසි කරන ලෙස ඉල්ලා අද ඉසුරුපාය,බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට"පාසල් සුරැකීමේ ව්‍යාපාරය"විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.මේ එකී අවස්ථාවයි.
ඡායා රූ-එරංග පෙරේරා
ඡායා රූ-එරංග පෙරේරා