ගෝඨාභය අද විශේෂ මහාධිකරණය හමුවට

ගෝඨාභය අද විශේෂ මහාධිකරණය හමුවට

September 10, 2018   06:53 am


ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  පිරිසට පනවා ඇති නඩුව අද(10) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා  විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

ඒ අනුව විත්තිකරුවන්ට අද දිනයේදී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 27 වනදා අධිකරණය නියෝග කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 49කට ආසන්න මුදලක් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී තිබේ.

මේ අතර මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවනු ලබන දෙවන නඩු විභාගය මෙය වෙයි.