මුහුද හදිසියේ වෙනස් වෙයි-මුහුදු යන්නත් එපා කියලා-සුනාමියක පෙර නිමිතිද?
November 29, 2017 01:52 am
මුලතිව් මුහුද 28 දා සවස් කාලයේ සිට බෙහෙවින් රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසකට පත් ව ඇතැයි මුලතිව් ධීවරයෝ නාවික හමුදා නිලධාරීන්ට දැණුම් දී තිබේ.
නාවික හමුදා නිලධාරීන්ද තත්ත්වය නිරීක්ෂණය කොට බැලීමේදී මුලතිව් මුහුද ක්ෂිතිජය දක්වාම අඳුරු හා කළු පැහැයකින් යුක්ත බව නිරීක්ෂණය කොට ඇත.
නාවික හමුදා නිලධාරීන් මුලතිව් ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙස දැණුම් දී ඇතත් මේ මුහුදේ වෙනස් ස්වභාවය ඇති වීමට පෙර විශාල පිරිසක් සන්ධ්‍යා කාලයේදී මුහුදු ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ කියා සිටිති.
මීට සති තුනකට පෙර වර්ෂාවත් සමගම මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින් පමණ උස් වූ අතර මුහුදේ ස්වභාවයද වෙනස් වී තිබුණි.
