ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ- ඊයේ රෑ ජනපති හා කළ සාකච්ඡාවේදී තීරණාත්මක තීන්දුවක් ගනී

ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ- ඊයේ රෑ ජනපති හා කළ සාකච්ඡාවේදී තීරණාත්මක තීන්දුවක් ගනී

November 23, 2017   07:45 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකගතාව පළ වී තිබේ.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතා  මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් වර්තමානයේදී ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.