දුම්රිය සීසන් එක තියෙනවා නම් අධිවේගයේ නොමිලේ  සුඛෝපභෝගී ගමන් පහසුකම්

දුම්රිය සීසන් එක තියෙනවා නම් අධිවේගයේ නොමිලේ සුඛෝපභෝගී ගමන් පහසුකම්

October 12, 2017   01:31 pm

දුම්රිය සීසන් පත් සියලු මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පැවැසීය.

දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

මීට අමතරව දුම්රිය සීසන් පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන්කරන සුඛෝපභෝගී බස් රථයකද ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව හෙතෙම වැඩි දුරටත් පැවැසීය.