විවාහ ලියාපදිංචි ගාස්තූ 1000 සිට 5000 දක්වා වැඩිකරයි- කරු විරුද්ධයි

විවාහ ලියාපදිංචි ගාස්තූ 1000 සිට 5000 දක්වා වැඩිකරයි- කරු විරුද්ධයි

December 31, 2012   06:21 pm

විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 1000ක ගාස්තුව හෙට සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

විවාහ හා රෙජිස්ටාර් කාර්යාලයකට පරිබාහිර ස්ථානයක දී ලියාපදිංචි කරන විවාහ සඳහා මෙය ක‍්‍රියාත්මකය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා එය ඉතා අසාධාරණ තත්ත්වයක් බව පෙන්වාදෙයි.

විවාහ රෙජිස්ටාර් කාර්යාලයකින් බැහැරව නිවසේ හෝ වෙනත් උත්සව ශාලාවක විවාහ ලියාපදිංචි කරන සියලූ දෙනා පොහොසතුන් නොවන බව මන්ත‍්‍රීවරයා පවසයි.

සමාජයේ ඉහළ පන්තියේ කොටසකට පමණක් බදු සහන ලබා දෙන රජය සාමාන්‍ය ජනතාවගෙන් මෙවැනි බදු අය කිරීම් හෙළාදකින බව අදාළ නිවේදනය මගින් කරූ ජයසූරිය මහතා ප‍්‍රකාශ කරයි.