කටුගෙයි සොරකමට අදාළව තිදෙනෙක් අත්අඩංගුවේ
August 21, 2012 06:56 am
කොළඹ ජාතික කෞතුකාගාරයෙන් කෞතුක භාණ්ඩ කිහිපයක් සොරාගැනීමට අදාළව සැක පිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රීයේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී පිළියන්දල ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනාද,ත්‍රී රෝද රථ රියදුරුද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මොවුන් සන්තකව තිබී කෞතුකාගාරයෙන් සොරාගත් බව කියන කඩුවක කොටසක් හා මුදු කිහිපයක්ද පොලිස් භාරයට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉකුත් මාර්තු මස 16 වන දින කොළඹ ජාතික කෞතුකාගාරයෙන් කඩු කිහිපයක් ඇතුළු කෞතුක භාණ්ඩ කිහිපයක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණු අතර ඒ පිළිබඳ පොලීසිය විසින් පරීක්ෂණ සිදුකරමින් පැවතිණි.