ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයෙක් මෙරටින් හමුවේ

ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයෙක් මෙරටින් හමුවේ

May 8, 2021   12:04 pm

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකුගේ ජෛව සාම්පලයකින් ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස් ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.

ඔහු තවදුරටත් පැවසුවේ එම වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව එය බවය.