පුහුණු ගුවන් යානයක් කඩා වැටේ

පුහුණු ගුවන් යානයක් කඩා වැටේ

December 15, 2020   02:32 pm

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් අනතුරුට ලක්ව තිබේ.

පොලීසිය පවසන්නේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි  ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බවය.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව පොලීසිය පැවසීය.

එම ගුවන් යානය  ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ඇති බව වාර්තා වේ.