රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

October 13, 2020   03:23 pm

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

රජයට අයත් රුපියල් ලක්ෂ 95කට අධික මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය කිරිමේ චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.

එය වරෙන්තු නිකුත් කිරිමකින් තොරව අත්අඩංගුවට ගැනිමට හැකි බවත් පොලිස් බලතල අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් එහිදී  මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ වාණිජ හා කාර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති අංශයේ නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2019 ජනාධිපතිවරණ සමයේ 2019 ජනාධිපතිවරණ සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 222 යොදා ගනිමින් මන්ත්‍රීවරයා විසින් අවතැන්වූවන් ප්‍රවාහනය කළ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.