කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ 11කට කොරෝනා

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ 11කට කොරෝනා

October 10, 2020   08:26 pm

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

ඒ අනුව, ඊයේ (09) සවස මෙම ඇඟලුම් කම්හලේ සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල අද (10) සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී තිබුණි.

එම ප්‍රතිඵල වලට අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.