බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොසන්සුන්
September 23, 2019 08:39 am
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය අද අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් එක් පාර්ශ්වයකට පමණක් දීමනා වැඩි කිරීම සදහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට විරෝධය පල කරමින් අද උදෑසන සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කළ බව එම සංගමයේ ජාතික සංවිධායක බී.ඒ.පි.බස්නායක මහතා පැවසුවේය.
