ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්
May 19, 2019 11:27 am
මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පරිගණක හිදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ ඩොට් එල්.කේ සහ ඩොට් කොම් වෙබ් අඩවි 10කට පමණ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වි ඇති බවයි.
මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවියද මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ.
අදාළ වෙබ් අඩවිවල දත්ත වෙනස් කිරීම සිදුව ඇති බව සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.
