පොලිස් නිලධාරින් දෙදෙනෙක්ට පහරදුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරින් දෙදෙනෙක්ට පහරදුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

April 15, 2019   04:52 pm

කන්තලේ පොලීසියට අනුයුක්තව රාජිකාරි කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේදී දියනාමින් සිටි පිරිසකට බීමත්ව පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් පහරදී එහි සිටි කාන්තාවකට ලිංගික අතවර සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

දියනාමින් සිටි පිරිස කන්තලේ පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුගේ පවුලේ සමාජිකයින් සහ ඥාතීන් බවයි වාර්තා වෙයි.

පසුව පොලිස් පරික්ෂකවරුන් දෙදෙනා ද අදාළ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ට ද එම පිරිස පහරදී තිබේ.

එහිදී තුවාල ලැබූ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසීය.