නව ක්‍රිකට් සභාපති ලෙස ශම්මි සිල්වා පත්වෙයි

නව ක්‍රිකට් සභාපති ලෙස ශම්මි සිල්වා පත්වෙයි

February 21, 2019   11:20 am

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා අද(21) තේරී පත්විය.

ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදීයි.

ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීම සඳහා වූ නිලවරණය අද උදෑසන ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත් විය.

නිලවරණය හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ අවට ප්‍රෙද්ශයේ ආරක්ෂාව තරකර තිබූණේය.

නිලවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ උදෑසන 10ටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිළධාරි මණ්ඩලය පත් කර ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩා සමාජ 142ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සඳහා තරග වැදුනු ශම්මි සිල්වා, කේ.මතිවානන් සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් අතරින් වැඩි ඡන්ද 27ක් හිමිකර ගනිමින් සභාපති ධූරය සඳහා තේරී පත‍් වුනේ ශම්මි සිල්වා මහතායි.

ශම්මි සිල්වා මහතා ඡන්ද 83ක් හිමිකර ගත් අතර ජයන්ත ධර්මදාස මහතා හිමිකර ගත්තේ ඡන්ද 56ක් පමණයි.

මේ අතර උප සභාපති ධූර දෙක සඳහා ඡන්ද 82ක් රවීන් වික්‍රමරත්න සහ ඡන්ද 80ක් හිමිකර ගත් කේ.මතිවනන් වන මහත්වරුන් තේරි පත්ව තිබේ.

උප සභාපති ධූරය සඳහා තරග වැදුනු හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාට හිමිකර ගැනීමට හැකිව තිබෙන්නේ ඡන්ද 72ක් පමණයි.

මේ අතර ඡන්ද 96ක් හිමිකර ගනිමින් මොහාන් ද සිල්වා මහතා ලේකම් ධූරය සඳහා තේරි පත්ව තිබේ.

අනෙක් පාර්ශවයෙන් ලේකම් ධූරයට තරග වැදුනු නිශාන්ත රණතුංග මහතා හිමිකර ගෙන ඇත්තේ ඡන්ද 43ක් පමණයි.