ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ තීරණයක්
February 7, 2019 07:45 am
ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ(06) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් රැස්වී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබේ.
එහෙත් එම අවස්ථාවේ අදාළ යෝජනාවට විපක්ෂයේ සියලු පක්ෂ විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් අද දිනයේ එය විවාදයට ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කළ අතර අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද එම යෝජනාව ඇතුළත් කර තිබේ.
අද දිනය තුළ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේනතුවේ රැදී සිටිය යුතු බවත්, ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාවට අනිවාර්යෙන්ම පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සියලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් ද කර තිබුණි.
කෙසේවෙතත් ඊයේ රාත්‍රීයේ යලි රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අදාල ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගැන සිටිමට තීරණය කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අද දෙරණට සදහන් කළේය.
